
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇඟිලි සලකුණු පැමිණීම සහ අතිකාල දීමනා පිළිබඳ රජයේ තීරණවලට එකඟවන්නේ නම් පමණක් තැපැල් වෘත්තීය සමිති හමුවීමට තමන් කැමති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද පැවැසීය.
කෙටි කාලීන වැඩ නතර කිරීම් පවා තැපැල් දෙපාර්තමේන්තුවට මූල්‍යමය පාඩු ඇති කරන බව ඇමැති ජයතිස්ස පැවසූ අතර, දිගු වැඩ වර්ජන භාණ්ඩාගාරයට පීඩනයක් එල්ල කළ හැකි බවත්, අනාගත වැටුප් හා අතිකාල ගෙවීම්වලට බලපාන බවත් සඳහන් කළේය.
අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ජනමාධ්‍ය හමුවේදී ඇමැති ජයතිස්ස පැවසුවේ, තැපැල් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 19 න් 17 ක් රජය විසඳා ඇති බවයි.
“කෙසේවෙතත්, ඇඟිලි සලකුණු ලකුණු කිරීම සහ අතිකාල දීමනා පිළිබඳ ඉල්ලීම් පිළිගත නොහැකියි. විවිධ දේශපාලන සම්බන්ධතා ඇති ඇතැම් කණ්ඩායම් ඇඟිලි සලකුණු යන්ත්‍ර වලට විරුද්ධ වෙනවා. රජයේ පද්ධතියට එකඟ නොවන අයට වෙනත් තැනක රැකියාවක් සොයාසොයාගන්න පුළුවන්” ඔහු පැවැසීය.
අතිකාල දීමනා වෙනස් කිරීම සහ ජෛවමිතික ඇඟිලි සලකුණු පද්ධතියක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 19 ක් සම්බන්ධයෙන් තැපැල් සේවකයෝ ඉරිදා (17) දිවයින පුරා වැඩ වර්ජනයක් දියත් කළහ. මෙම වැඩ වර්ජනය රට පුරා මූලික සේවාවන්ට බාධා ඇතිකර තිබේ.
තැපැල්පති රුවන් සත්කුමාර ඇඟිලි සලකුණු පද්ධතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, පැමිණීම තහවුරු කිරීමකින් තොරව වැටුප් සහ අතිකාල දීමනා ලබාගැනීම පිලිබඳ තොරතුරු විගණනවලින් අනාවරණය වී ඇති බවයි.
වෘත්තීය සමිතිවල ඉල්ලීම් බොහොමයක් දැනටමත් විසඳා ඇති බව සඳහන් කරමින් ඔහු වැඩවර්ජනය අසාධාරණ බව අවධරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart