
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්රධාන මාර්ගයේ දී පෞද්ගලික මගී බස් රථයක් ශ්රී ලංකා ගුවන් හමුදා ජීප් රථයක ගැටීමෙන් අද (19) උදෑසන සිදු වූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්රධාන මාර්ගයේ කිඹුලාවල ප්රදේශයේදී උදෑසන 7:30ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
ඒ වන විට බස් රථය මැදිරිගිරිය වඩිගවැව සිට හිඟුරක්ගොඩ දෙසට ගමන් කරමින් තිබූ අතර, ඩිෆෙන්ඩර් රථය ප්රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් තිබී ඇත.
ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු අනතුරින් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුරට හේතුව තවමත් නිශ්චය කර නොමැති අතර, හිඟුරක්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart