August 19, 2025

පෑලියගොඩ ඥානරතන මාවතේදී අද (19) උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් පෑලියගොඩ මාළු වෙළඳපොළේ වෙළෙන්දෙකුට වෙඩි තැබීමෙන් තුවාල සිදුකර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

වෙඩිතැබීමේ හේතුව අනාවරණය වී නොමැත.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.