
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය මතය ඉදිරියේ දී ඉදිරිපත් කරන බව කථානායක ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
පාර්ලිමේන්තුව අද පෙ.ව. 9:30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේ ඔහු මෙම නිවේදනය සිදු කළේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්රමුඛ මන්ත්‍රීවරුන් 31 දෙනෙකුගේ අත්සනින් යුතු අදාළ විශ්වාසභංග යෝජනාව තමා වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධ සිය ස්ථාවරය ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කරන බවත් කථානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේය.
කෙසේවෙතත්, යෝජනාව පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බව පවසමින් පක්ෂ කිහිපයක් දැනටමත් කණස්සල්ල පළ කර තිබේ.
ඒ අනුව, ක්‍රියාපටිපාටිමය ගැටළු හේතුවෙන් යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පොතට ඇතුළත් කළ නොහැකි බව කථානායකවරයා ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවට මීට පෙර වාර්තා පළ වී තිබිණි.
කෙසේවෙතත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාට අත්තනෝමතික ලෙස ක්‍රියා කළ නොහැකි බව සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය කියා සිටී.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව කටයුතු කිරීමට කථානායකවරයා අපොහොසත් වුවහොත්, විපක්ෂය කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳ සළකා බලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart