
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිකුරාදා පැවති සමුලුව යුක්රේනයේ යුද්ධය විසඳීමට හෝ විරාමයක් තැබීමට කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.
කෙසේවෙතත් නායකයින් දෙදෙනාම පැවසුවේ සාකච්ඡා ඵලදායි බවයි.
පැය තුනකට ආසන්න කාලයක් ඇලස්කාවේ පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පෙනී සිටීමේ දී නායකයන් දෙදෙනා කියා සිටියේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමන් ප්‍රගතියක් ලබා ඇති බවයි.
නමුත් ට්‍රම්ප් එහිදී වාර්තාකරුවන් යොමු කළ ප්‍රශ්න නොසලකා හරිමින් ඔවුන් එළඹි එකඟතා පිළිබඳ කිසිදු විස්තරයක් ඉදිරිපත් නොකළ අතර ප්‍රශ්න කිසිවක් පිළිනොගත් බව ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
“අපි යම් ප්‍රගතියක් ලබා තිබෙන නමුත් එකඟතාවක් සඳහා එළඹෙන තුරු ගනුදෙනුවක් නැත” යනුවෙන් ට්‍රම්ප් එහිදී පැවසීය.
කෙසේවෙතත් අමෙරිකානු – රුසියානු නායකයින්ගේ හමුව සම්බන්ධයෙන් යුක්රේනය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
මේ අතර ඇලස්කාවේදී අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපතිවරයාව ඔහු පැමිණි ගුවන් යානය ගොඩ බෑ ස්ථානය ආසන්නයේදී පිළිගැනීමේදී එම ස්ථානයට ඉහළින් අමෙරිකාව සතු B2 වර්ගයේ ප්‍රහාරක යානයක් පියාසර කරවා තිබිණි.
බොහෝ විදෙස් ජනමාධ්‍ය එම සිද්ධිය වාර්තා කර තිබුණේ පුටින්ගේ හිසට ඉහළින් ට්‍රම්ප් B2 වර්ගයේ ප්‍රහාරක යානය පියාසර කරවූ බවයි.
එම අවස්ථාවේ නිකුත් වූ ශබ්දයත් සමග පුටින් ද හිස් ඔසවා ඒ දෙස බලන අයුරු පෙනෙන්නට තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart