August 16, 2025

මොනරාගල, වැලියාය ප්‍රදේශයේදී අද උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ ලංගම බස් රථයේ රියදුරු බව වාර්තා වේ.

පෞද්ගලික බස් රථය මගීන් පිරිසක් රැගෙන චාරිකාවක් යමින් සිට ඇති අතර ලංගම බස් රථය දඹගල්ල – මොණරාගල මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇත.