August 2, 2025

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ විෂය පථය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රායෝගික දැනුමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක චෝදනා කළේය.

ජනමාධ්‍ය හමුවේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අපනයන වැනි රටේ තීරණාත්මක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ඇතැම්විට තීරණ ගනු ලබන්නේ එවැනි නිලධාරීන් බවයි.

ඔවුන්ට බදු වැනි සංකීර්ණ තත්වයන් හෝ ඒ ඔස්සේ මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් වුව ද කිසිඳු වගකීමක් හෝ අවබෝධයක් නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

මාසිකව වැටුප් සහ විශ්‍රාම යාමෙන් පසුව විශ්‍රාම වැටුප ලබා ගන්නා ඔවුන්ට රටේ ගැටළු බරපතල කරුණු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ නමුත් පෞද්ගලික අංශය තුළ පවතින්නේ ඊට හාත්පසින්ම පරස්පර ක්‍රියාවලියක් බවයි.