
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සේවක අර්ථසාධක අරමුදලේ 30%ක ප්‍රතිලාභය ලබාගත් සාමාජිකයන්ට වසර 10ක් ගතවීමෙන් පසු එම ප්‍රතිලාභය දෙවැනිවර ලබාගැනීමට ඇති අවස්ථාව, මහබැංකුවේ දත්ත වාර්තා යාවත්කාලීන නොවීම නිසා ප්‍රමාදවී ඇත.
මේ හේතුවෙන් ප්රතිලාභ අයැදුම් කළ පිරිස විශාල අපහසුතාවකට පත්ව සිටිති.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පළමුවරට 30% ප්‍රතිලාභය ලබාගැනීමෙන් වසර ගතවීමෙන් පසුව දෙවැනිවරටත් 30%ක ප්‍රතිලාභයක් ලබාගත හැකි බව එම පනතේ සඳහන් වේ.
ඒ අනුව 30% ප්‍රතිලාභය අයැදුම් කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස් ප්රතිලාභ අයැදුම්පත් භාරදිය හැකිවුවත්, එම කාර්යාල මේ වනවිට බොහෝ ප්‍රතිලාභීන් හරවා යවමින්, මහබැංකුව මෙම ප්‍රතිලාභය ලබාගැනීමට සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කළ පසු දැනුම්දෙන බව පවසා ඇත.
මේ හේතුවෙන් සේවක අර්ථසාධක පනතට අනුව නියමිත කාලසීමාවේ 30% ප්‍රතිලාභය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි සාමාජිකයෝ මහබැංකුව අදාළ තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා අපහසුතාවකට ලක්ව සිටිති.
මේ පිළිබඳව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහගෙන් ‘දිවයින’ කළ විමසීමකදී හෙතෙම පවසා ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදලේ 30%ක ප්‍රතිලාභය දෙවැනිවර හෝ නැවත ලබාගැනීම අදාළ පනත මගින් පැහැදිලිව දක්වා ඇති බැවින් ප්‍රතිලාභීන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart