
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සහයෝගය ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන නුදුරේදීම බීජිං බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
චීනය ශ්‍රී ලංකාවට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන අතර, අනෙක් ඉහළම ණය දෙන්නන් වන්නේ ඉන්දියාව සහ ජපානයයි.
2020 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව චීනයේ EXIM බැංකුවට පමණක් ඩොලර් බිලියන 2.83ක් ණය වී ඇත.
සමස්තයක් වශයෙන් 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාව චීන ණය දෙන්නන්ට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.4ක් ණය වී තිබේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධ වීමට චීන රජය EXIM බැංකුවට අවසර දී ඇත.
පසුගියදා චීනයට ගිය විදේශ ඇමැති අලි සබ්‍රි EXIM බැංකුවේ සභාපති Wu Fulin සමඟ සාකච්ඡා පැවැත්වා ඇත.
එමෙන්ම චීන බලධාරීන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් ඵලදායී සහතිකයක් ලබා දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය අතර පවතින සාකච්ඡා චීනය නිරීක්ෂණය කරනු ඇතැයි ද වර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart