
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ධාරිතාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් රේගුව මගින් රඳවාගෙන සිටි BYD වාහන 991ක් නිදහස් කර තිබේ.
John Keells CG Auto (Pvt) Ltd සමාගම විසින් මෙම සතියේ ඉදිරිපත් කළ අභියාචනාධිකරණ අයදුම්පත සළකා බැලීමෙන් අනතුරුව එළඹුණු එකඟතාවකට අනුව වාහන මුදාහැරීම ඊයේ ආරම්භ වූ බව රේගු වාර්තා සදහන් කරයි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ.ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම නඩුව කැඳවනු ලැබීය.
මෝටර් ධාරිතා පරීක්ෂා කිරීම සඳහා කාණ්ඩ තුනකින් දෙක බැගින් වාහන හයක් රඳවා තබාගෙන ඇතැයි ද වාර්තා වේ.
යම් BYD සන්නාමයක මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීම සඳහා විශේෂිත කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් කරන ලද යෝජනාවක් අභියාචනාධිකරණය පිළිගෙන තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුදුසුකම් ලත් කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනකු සහ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුව විසින් රඳවාගෙන ඇති වාහන පරීක්ෂා කර මෝටර් ධාරිතාව කිලෝවොට් 100 හෝ ඊට වැඩිද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත.
මීට අමතරව, රේගු අධ්යක්ෂ ජනරාල්වරයා, නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව, අන්තර්ජාතික පිළිගත් මෝටර් රථ විද්‍යාගාරයක් මඟින් ධාරිතාව පිළිබඳ වාර්තාවක් ද ලබාගනු ඇත.
ක්‍රියාවලිය අවසන් වූ පසු, ධාරිතාව 100 kW ඉක්මවන බව අනාවරණය වුවහොත් රේගුවට කරන ලද ප්‍රකාශයන් සඳහා පෙත්සම්කාර සමාගම වගකීම දැරිය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart