
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෝට්ටුවකින් ගංජා ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත ඉන්දියාවේ කරෙයිකාල් හි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පැමිණි ෆයිබර් බෝට්ටුව, රුපියල් 50,000ක මුදල් සහ ඔවුන් සතු ජංගම දුරකථන ද අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු දේශීය සැපයුම්කරුවන්ගෙන් ගංජා මිලදී ගැනීම සඳහා මුහුදු මාර්ගයෙන් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නෙරාවි පොලිසියේ ඒකාබද්ධ කණ්ඩායමක් වෙරළබඩ මුර සංචාර තීව්ර කර තිබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සැක සහිතව හැසිරුණු මෙම සැකකරුවන් කරුක්කලචේරි අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් 28 හැවිරිදි එම්. මනිමාරන් සහ 24 හැවිරිදි එම්. මනිඅරාසන් යන යාපනය පේදුරුතුඩුවේ ධීවර කටයුතුවල නියැළෙන සහෝදරයන් දෙදෙනෙකු බවත් හඳුනාගෙන ඇත.
පොලිසිය පැවසුවේ මෙම දෙදෙනා ශ්‍රී ලංකාවට ගංජා ජාවාරම් කිරීම සඳහා රුපියල් 50,000ක ගංජා මිලදී ගෙන ඇති බවයි.
ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
ඉන්දීය පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෝක් සමුද්‍ර සන්ධිය හරහා නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා කුඩා බෝට්ටු භාවිතා කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
පසුගිය මාසයේ වවුනියාවේ සෙල්වකුමාර් සහ ත්‍රිකුණාමලයේ රාසු යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද ගංජා කිලෝග්‍රෑම් 304ක් සමග අත්අඩංගුවට ගැගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart