
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09 කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ බුලවායෝහිදී අද(02) පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන්නේය.
එහිදි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 02ක් අවසානයේ ලකුණු 165කට සියලුදෙනා දැවීගියේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක කඩුලු 03 ඩිල්ශාන් මධුශංක දවාගත්තේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින්ය.
මහීෂ් තික්ෂණ කඩුලු 04 ක් සහ මතීෂ පතිරණ කඩුලු දෙකක් දවාගත්හ.
එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 33 යි එක් පන්දුවක් අවාසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
එක්දින දිවියේ දෙවන ශතකය අද වාර්තා කරමින් නොදැවි ලකුණු 101 වාර්තාකළ පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart