
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහමග ආසන්නයේ දොදොල් වෙළඳාමේ නිරත වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජීවත් වන 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවකු සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතබහට ලක්වෙමින් තිබේ.
දියතලාව කහගොල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම පිරිමි දරුවා සහ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහුගේ සහෝදරිය ඔවුන්ගේ මිත්තණිය සමඟ කහගොල්ල ප්‍රදේශයේ ජීවත් වෙති.
දරුවන් දෙදෙනා මාපියන් විසින් අතහැර දමා ගොස් ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ මිත්තණිය දොදොල් සාදා විකුණන අතර ඔවුන්ගේ මාමා නිවස අසල තේ කඩයක් පවත්වාගෙන යයි.
ඇතැම් දිනවල සවස් වරුවට එම පිරිමි දරුවා මිත්තණිය සාදන දොදොල් බණ්ඩාරවෙල නගරයට රැගෙනගොස් අලෙවි කරන අතර, එලෙස උපයන මුදලින් රුපියල් 500ක් මිත්තණිය ඔහුට ද ලබාදෙන බව අනාවරණය විය.
මේ අතර බණ්ඩාරවෙල ප්‍රදේශයේ දරුවකු දොදොල් අලෙවි කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිවීමත් සමඟ ඌව පළාත් පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස් ඊ.කේ.වී.ටී එදිරිසූරිය ඇතුළු පරිවාස නිලධාරීන් පිරිසක් දියතලාව කහගොල්ල ප්‍රදේශයට ගොස් දරුවා පිළිබඳ සොයාබලා සිද්ධිය සම්බන්ධයෙන් දරුවන්ගෙ සහ මිත්තණියගෙන් විමසීමක් කර තිබේ.
මෙවැනි අවදානමට ලක්විය හැකි ළමුන් 620ක් පළාතේ සිටින බව ද කොමසාරිස්වරිය පවසයි.
ඌව පළාතේ අවදානමට ලක්විය හැකි දරුවන් රැසක් සිටින බවත්, මෙම දරුවන් සොයාගැනීම සඳහා පළාතේ ග්‍රාම නිලධාරී සහ ළමා හිමිකම් නිලධාරින්ගේ සහාය නිරන්තරයෙන් අවශ්‍ය බවත් ඇය සඳහන් කරයි.
මේ සියලු දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම අරමුණ බව ද ඇය පවසයි.
මින් ඉදිරියට දරුවා කිසිදු ව්‍යාපාරික කටයුත්තකට යොදානොගන්නා ලෙසත්, දිනපතා පාසල් යවන ලෙසත්, දරුවාට ඉගෙනීම කරගෙන යෑමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් කොමසාරිස්වරිය ඇතුළු නිලධාරීන් එම මිත්තණියට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම ඔවුන් කුඩා දරුවාට කිසිදු වාණිජ කටයුත්තක නිරත නොවන ලෙසත් නැවත පාසල් යන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart