
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිහිකැඳවීම් ලිපි යොමු කර ඇතැයි වාර්තා වේ.
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනකුට සහ හිටපු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකට මෙම ලිපි ලැබී ඇති බව ද වාර්තා වේ.
අදාළ ලිපි යොමුකළ බව තහවුරු කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසාඇත්තේ, මෙය නීතියට අනුකූලව ක්‍රියාකිරීම සහතික කිරීමේ සම්මත ක්‍රියාපටිපාටියේ කොටසක් බවයි.
දූෂණ මර්දන පනත මගින් නියම කර ඇති කාලසීමාවන්ට හිටපු මෙන්ම වර්තමානයේද සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළයුතු බව ද ඇය අවධාරණය කර ඇත.
පනතට අනුව, හිටපු මන්ත්‍රීවරුන් විශ්‍රාම ගොස් දින 14ක් ඇතුළත ඔවුන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, වත්මන් මන්ත්‍රීවරුන් වාර්ෂික ජුනි 30 කාලසීමාවට අනුකූල විය යුතු බව මහලේකම්වරිය පවසා තිබේ.
මෙම ලිපි යොමුකිරීම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගයක් වන අතර, එම නීති උල්ලංඝණය කිරීමට එරෙහිව දැඩි රෙගුලාසි සහ දඬුවම් හඳුන්වා දී ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව 2025 සඳහා ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම ගැන පැහැදිලි කරමින් පසුගියදා ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඕනෑම නිලධාරියකු අගෝස්තු 31 වැනි දින අවසන් කාලසීමාව වනවිට තම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය යටතේ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart