
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු අතර මාස ගණනාවක් පුරා පැවති මත ගැටුම අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුමකට එකඟ වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් අතර ස්කොට්ලන්තයේ සිදුකළ සාකච්ඡාවලින් පසුව ඔවුන් දෙපළ සියලුම යුරෝපා සංගම් භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් පනවනු ලබන 15% ක තීරුබද්දකට එකඟවී ඇත.
මීට පෙර ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් සිදුකරන භාණ්ඩ ආනයන සඳහා 30% ක තීරු බද්දක් පනවන බවට අනතුරු අගවා තිබූ අතර එය අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක කරන බවට අනතුරු අගවා තිබිණි.
නව ගිවිසුම ඔස්සේ සාමාජික රටවල් 27 කින් යුත් යුරෝපා සංගමය ඇතැම් නිෂ්පාදන සඳහා ශුන්‍ය තීරුබදු සහිතව එක්සත් ජනපද අපනයනකරුවන්ට සිය වෙළඳපොළ විවෘත කිරීමට එකඟ වී ඇත.
ගෝලීය වෙළඳාමෙන් තුනෙන් එකක් පමණ නියෝජනය කරන මෙම දෙපාර්ශවය අතර එළැඹි නව ගිවිසුම හරහා ස්ථාවරත්වයක් ගෙන එන බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් පවසා ඇත.
යුරෝපා සංගමය යනු එක්සත් ජනපදයේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, පසුගිය වසරේ භාණ්ඩ හා සේවා වල ද්විපාර්ශවිය වෙළඳාම ඩොලර් ට්‍රිලියන 2 කට ආසන්න විය.
කෙසේවෙතත් නව ගනුදෙනුව යටතේ, සියයට 15 තීරුබදු, මෝටර් රථ ඇතුළු යුරෝපීය අපනයන සඳහා පුළුල් ලෙස යොදවනු ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart