
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන තාරක නානායක්කාරගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයේ දී 33 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ජූලි 16 වැනි දින වැලිගම උඩුකාව ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය.
පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අලුයම 4:40 ට පමණ උඩුකාව ප්‍රදේශයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසට වෙඩිතබා ඇත.
පසුව වෙඩිතැබූ පුද්ගලයන් එම ස්ථානයෙන් පළාගොස් තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා ඇත්තේ, වෙඩිතැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත් නිවසේ ගේට්ටුවට වෙඩිවැදී ඇති බවත්ය.
පොලිස් මාධ්‍ය අංශයට අනුව, ජාතික ජන බලවේගය නියෝජනය කරන වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මීට පෙර මරණ තර්ජන එල්ල වී ඇති බවට පොලිසියට දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart