
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජූලි 27 වැනි දින සවස මාතලේ පොලිස් වසමට අයත් පලාපත්වෙල ප්රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් එක්අයකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
පොලිසියට අනුව, නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ උණුසුම් බහින්බස්වීමක් ප්රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, එහිදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී ඇත.
පහර කෑ දෙදෙනාම මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන්ගෙන් එක් අයකු මරණයට පත්ව තිබේ.
මියගිය තැනැත්තා වයස අවුරුදු 18ක් වන පලාපත්වෙල පදිංචිකරුවකු බව වාර්තා වේ.
විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මියගිය ළාබාල තරුණයා තවත් තිදෙනෙකු සමඟ සැකකරුගේ නිවසට පැමිණ ඇති බවයි.
මෙම පිරිස සහ නිවෙසේ පදිංචිකරුවන් අතර ඇති වූ බහින්බස් වීමක් ඇතිවී තිබෙන අතර, එහිදී සැකකරු තියුණු ආයුධයක් භාවිත කර මියගිය තැනැත්තාගේ බෙල්ලට පිහියෙන් ඇන තවත් පුද්ගලයකුට තුවාල සිදුකළ බව කියනු ලැබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මළසිරුර මාතලේ රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart