
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම 8 හැවිරිදි දරුවාගේ සෙල්ලම් බඩුවක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වී ඇති කොටහේන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් සීදූවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සීදූව රාජපක්ෂපුර ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකාරිය තම දරුවා සමඟ කාමරයක නවාතැන්ගෙන සිටියදී සැක සහිත ලෙස එම ස්ථානයෙන් පිටතට සෙල්ලම් බඩුවක් රැගෙන යන බව නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව කළ පරීක්ෂා කිරීමේදී, දරුවාගේ බෝනික්කා තුළ අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, කේරළ ගංජා සහ ඩිජිටල් තරාදියක් තිබී සොයා ගෙන ඇත.
වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී සැකකාරිය සිය ශරීරයේ සඟවාගෙන සිටි තවත් අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද සොයාගෙන තිබේ.
විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ කාන්තාව දරුවාගේ සෙල්ලම් බඩුවේ සඟවා කොටහේන සිට සීදූව දක්වා මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි.
මත්ද්‍රව්‍ය කොටහේන ප්‍රදේශයට බෙදා හැරීමට පෙර නැවත ඇසුරුම් කිරීම සඳහා සීදූව නවාතැන භාවිත කර ඇති බවට විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart