
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නොවන ලෙස, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වාදුන්නේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සිදුවන ක්‍රියාදාමය පිළිබඳව පැහැදිලි කිරීමට අද(29) ජනාධිපති මාධ්‍ය ඒකකයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.
ඒ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළකළේය.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති බැඳුම්කර හා ETF / EPF ඇතුළු අරමුදල් මිලදී ගෙන ඇති බැඳුම්කර ප්‍රතිව්‍යුහගකරණයට ලක්කරන බව, මහ බැංකු අධිපතිවරයා පෙන්වාදුන්නේය.
මහ බැංකු අධිපතිවරයා පවසා ආකාරයට මෙතෙක් නිකුත් කර ඇති සියලුම බැඳුම්කර නව පොළී අනුපාතිකයන් යටතේ යළි නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.
අලුතින් නිකුත් කෙරෙන බැඳුම්කරවලට 2025 දක්වා 12% ක පොළී අනුපාතිකයක් ගෙවන අතර, ඉන් පසුව 09% ක පොළී අනුපාතිකයක් ලබාදෙන බව ද, මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ ය.
මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ තුළින් ETF / EPF අරමුදල්වල සාමාජිකයකුට මුදල් ලබාගැනීමට ගැටලුවක් ඇති නොවන බව ද, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart