
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා කිසිදු දිනෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්නොවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
‘දිනමිණ’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, සමගි ජන බලවේගයේ ඉහළම තනතුරක් තමාට ලැබෙන බවට ඇතැම් පිරිස් ප්‍රචාරය කරන්නේ, එම පක්ෂය තුළ ගැටුම් නිර්මාණය කිරීමට බවයි.
පහතින් දැක්වෙන්නේ මන්ත්‍රීවරයා අදාළ කරුණු සම්බන්ධයෙන් පළකර ඇති අදහස් ය.
“පසුගිය දවසක පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පොදුජන පෙරමුණ සමඟ එකතුවෙලා දේශපාලනය කරමු කියලා ආරාධනාවක් කළා. ඔබේ පැරණි දේශපාලන මිතුරන් රැසක් සිටින පොහොට්ටුවට යළිත් එකතු වීමට ඔබ කැමැතිද?
මට පොහොට්ටුවට එන්න කියලා ආරාධනා ලැබුණේ 2018 සිටයි. ඒත්, මම එදා ඒ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළා. අදත් මගේ ඒ තීරණයේ කිසිදු වෙනසක් නැහැ. කවුරුන් හරි හිතනවා නම් මම පොහොට්ටුවට එකතු වෙයි කියලා, ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි ඒ හිතන පුද්ගලයාගේ දේශපාලන විඥානය පිළිබඳව ගැටලුවක් විදිහටයි මට හිතෙන්නේ. පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරය පසුගිය කාලය තුළ රටට විශාල හානියක් කළා, ඒ නිසයි ජනතාව ඔවුන්ව බලයෙන් නෙරපා දැමුවේ. එවැනි විනාශයක් කළ පිරිසක් සමඟ එකතු වෙන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ…..”
“…මේ දවස්වල ඔබ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබෙනවා. සමගි ජන බලවේගයේ ඔබට ඉහළම තනතුරක් ලැබෙන බවට කතාවක් තියෙනවා. මෙහි ඇත්ත නැත්ත මොකක්ද ?
විවිධ ආකාරයේ ආරංචි පැතිරෙනවා. ඒත්, පැතිරෙන හැම ආරංචියක්ම ඇත්තක් නැහැ. සමගි ජන බලවේගයේ තනතුරක් ගන්න මම සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් නොවෙයි. මම සමගි ජන සන්ධානය සමඟ කටයුතු කරන මන්ත්‍රීවරයකු පමණයි. සමගි ජන සන්ධානය විදිහට මා විපක්ෂ නායකතුමා සමඟ අදහස් හුවමාරු කර ගනු ලබනවා. මේ සියලු අදහස් හුවමාරු කර ගැනීම්වල මූලික පරමාර්ථය වෙලා තිබෙන්නේ ශක්තිමත් විපක්ෂයක් විදිහට ජනතාව වෙත යාමටයි. තනතුරු ගැන සාකච්ඡා වෙලා නැහැ. ඒත් සමහර පිරිස් මේ ගැන දිගින් දිගටම ප්‍රචාරය කරන්නේ සජබ තුළ නැති අවුලක් මතුකර ගැනීමේ දේශපාලන උපක්‍රමයක් විදිහටයි.”



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart