
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීගිරිය සහ ගල්ගමුව ප්‍රදේශවලින් පසුගියදා වාර්තා වූ වන අලි මරණවලින් අනතුරුව වන අලින්ගේ ආරක්ෂාව තර කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ සහාය ඉල්ලා තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම දෙපාර්තමේන්තුව අලින්ගේ මරණ සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශනවලට සහායවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහයෝගය ද ඉල්ලා තිබේ.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි සීගිරිය දිගම්පතහ ප්‍රදේශයේ සිදු වූ එක් අලි මරණයක් ප්‍රථම වරට වාර්තා වූයේ 2025 පෙබරවාරි 03 වැනිදාය.
ඊට අදාළ නඩුව මේ වන විට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
පසුව එම වනජීවී රක්ෂිතය තුළම තවත් අලි දෙදෙනකු මියගොස් සිටියදී සොයාගෙන තිබිණි.
එක් දළ ඇතකු හඳුනාගෙන ඇති අතර එම හස්තියාගේ දළ නාඳුනන පුද්ගලයන් විසින් ඉවත් කර ඇති බවට විශ්වාස කෙරේ.
ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේදී අලියකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
මාතලේ, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අයත් සීගිරිය, ගනේවල්පොල සහ ගල්ගමුව ප්‍රදේශවලින් මෑතකාලීනව මෙලෙස අලි මරණ වාර්තා වී ඇත.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart