
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උක් සීනි සමඟ පැණිරස කළ නව කෝක් වර්ගයක් හඳුන්වාදීමට සැලසුම් කරන බව අමෙරිකාවේ සිසිල් බීම නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයා ලෙස සැලකෙන Coca-Cola සමාගම පවසයි.
එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ එම සමාගමේ ප්‍රධානියා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවය.
සමාගම දැනටමත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කෝක් පානය පැණි රස කිරීමට සාමාන්‍ය සීනි භාවිත කරයි.
එහෙත් අමෙරිකාව තුළ සමාගම සාමාන්‍යයෙන් දශක ගණනාවක් තිස්සේ අඩු වියදම් සඳහා වන විකල්පයක් ලෙස ඉරිඟු සිරප් භාවිත කර ඇත.
ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ලේකම් රොබට් එෆ් කෙනඩි ජූනියර් බඩ ඉරිඟු සිරප්වල සෞඛ්‍ය අවදානම් ගැන කනස්සල්ල පළකර තිබිණි.
සමාගමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, එය සමාගම විසින් ගනු ලැබූ ඉතා හොඳ පියවරක් වනු ඇති බවයි.
වැඩි මිලකට වීදුරු බෝතල්වල අලෙවි කරනු ලබන ‘මෙක්සිකානු කෝක්’ ලෙස අමෙරිකාවේ අලෙවි කරන කෝක් රසකාරකයක් ලෙස ඉරිඟු සිරප් නොව ලෙස සාම්ප්‍රදායික සීනි රසයෙන් වෙළඳපොළට නිකුත් කරන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart