
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පූර්ව යෞවන වියේ පසුවන දරුවන් ස්මාර්ට් ෆෝන් සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් වැළැක්වීමට මව්පියන් පියවර ගත යුතු බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදුකර ඇති නවතම අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 13ට පෙර වයස් සීමාවේ පසුවන දරුවන් ස්මාර්ට් ෆෝන් භාවිත කිරීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි කළ හැකි බවයි.
මානව සංවර්ධන සහ හැකියාවන් (Human Development and Capabilities) සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද එම අධ්‍යයනයට අනුව, වයස අවුරුදු 13ට අඩු දරුවන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතය සියදිවි නසාගැනීමේ සිතුවිලි, නරක චිත්තවේගීය නියාමනය, අඩු ආත්ම-වටිනාකම සහ යථාර්ථයෙන් වෙන්වීම වැනි කරුණු සඳහා හේතු වන අතර මෙම තත්වයට බොහෝසෙයින් ගොදුරුවන්නේ ගැහැණු ළමුන් බව ද අනාවරණ වී ඇත.
වයස අවුරුදු 13ට පෙර වයස් සීමාවේ සිටින දරුවකු ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබාගත් සෑම වසරකම ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම අඩු විය හැකි බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
එම අධ්‍යයනයට අනුව වයස අවුරුදු 13ට පෙර ස්මාර්ට් ෆෝන් භාවිත කළ දරුවන් සමාජ මාධ්‍ය වෙත වැඩිපුර ප්රවේශවීම හේතුවෙන් නින්දට බාධා ඇතිවීම, සයිබර් හිරිහැරවලට ලක්වීම සහ සෘණාත්මක පවුල් සබඳතා අත්විඳීම සිදුවිය හැකිය.
මෙම දත්ත පදනම් වී ඇත්තේ රටවල් 163 ක මිලියන 2 කට ආසන්න පිරිසක් සමඟ කරන ලද සමීක්ෂණයකට අනුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart