
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ ගේයපද රචිකා නිර්මලා ද අල්විස් ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
ඇය ප්‍රේමකීර්ති ද අල්විස්ගේ භාර්යාවයි.
නිර්මලා ද අල්විස්ගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් තම ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.
පහතින් දැක්වෙන්නේ නිර්මලා ද අල්විස් වෙනුවෙන් නුවන් ඉෂාර මහගමගේ සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකි.
ඊයේ රාත්‍රියේ නිර්මලා ද අල්විස් මහත්මිය අප හැර ගිහින්. නිර්මලා කියන්නෙ ප්‍රේමකීර්තිගෙ ආදරණීය බිරිඳ.
ප්‍රේම් කියන්නෙ අපේ රටේ ජාතික වස්තුවක්. මං හිතන්නෑ ඒ ජාතික වස්තුවේ නම රැකගන්න නිර්මලා තරම් පාරමී පුරන්න හැකි බිරිඳක් ප්‍රේම්ට සංසාරයේ හමුවෙයි කියලා. ප්‍රේම් වගේ චරිතයක් මැරිලත් ජීවත් වෙන්න හේතුවක් උනේ නිර්මලා විසින් ඇයගේ කොටස මරණයෙන් පසු ව පවා සීරුවෙන් දරා සිටීම.
වරක් හඩ්සන් සමරසිංහ නිර්මලාට කෝටි පනහක වන්දි ඉල්ලලා එන්තරවාසියක් එවනවා. ඒ තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ මරණය ගැන ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් පිළිබඳ ව. ඇත්තට ම නිර්මලා ගැවසුනේ වන මෘග සමාජයක. ඇය තමන්ගෙ සැමියාගේ (ප්‍රේම්ගේ) ඝාතනය ගැන පසුකාලීන ව ලිව්වා. කිව්වා. ඒ ප්‍රේම් නම් ආදරණීයයා රැකගැනීම වෙනුවෙන්. ඔහුගෙ භෞතික කාය නෙවෙයි. ආත්මය.
ඈ ප්‍රේමකීර්තිනී නමින් පොතක් ම ලිව්වෙ තමන්ගෙ ප්‍රේමය පැහැරගත් ලෝකයාගේ ඇස් අරින්න.
“මට මේ ලෝකයේ වෙනත් කිසිම දෙයක් අවශ්‍ය නෑ. ප්‍රේමකීර්තිගේ ඝාතනය සම්බන්ධයෙන් සාධාරණත්වය පමණක් ඉටුකර දෙන්න“ ඈ බොහෝ පුවත්පත් සාකච්ඡාවල කළ පොදු ප්‍රකාශය උනේ ඒක.
මහින්ද රාජපක්ෂගේ පාලන බලයේ උපරිම කාලයේදී ඇය මහින්ද ඉදිරියට ගිහින් කිව්වා, “ඝාතකයා ඉන්නෙ ඔබේ සෙවණේ“ කියලා. නිර්මලා එදා ඝාතක රාජ්‍ය බලය ඉදිරියේ කෙළින් හිටගත්තෙ තනි ව. ඒ පාලන තන්ත්රවලට එරෙහිව රටක් නැඟිටින්න තව බොහෝ කාලයක් ගත උනා.
වරක් ප්‍රේම්ගේ නමින් හෝමාගම පැත්තේ පාරක් නම් කරන්න එවක ආණ්ඩුව උත්සාහ ගනිද්දී එය වළක්වන ලෙස රිට් ආඥාවක් පවා නිර්මලා අරගත්තා. නිර්මලාට ඕන උනේ ‘අපි දන්නා ප්‍රේම් අපේ හදවතේ ඉන්න මිසක්‘ මහපාරේ කණුවල එල්ලිලා ඉන්න නෙවෙයි.
නිර්මලාගෙ උපන් ගම ගාල්ල. ඇය දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක දියණියක්. පියාගේ රැකියාවත් සමඟ ඔවුන් කුඩා කල ම ගම හැර රටේ විවිධ ප්‍රදේශවලට ගියා. ඇයට ප්‍රේම් ව හමුවෙන්නෙ අධ්‍යාපන කටයුතු සඳහා දෙල්කඳ බෝඩිමක පදිංචියට ගියාට පස්සෙ. මොකද ප්‍රේම්ගෙ බෝඩිම තිබුනෙත් ඒ එකම ගොඩනැඟිල්ලෙ.
මිය යද්දි නිර්මලාට වයස වයස 69 යි.
වරක් නිර්මලා කියනවා ඇයට උවමනා උනේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි භාෂා තුන ම කතා කරන තමාව ආරක්ෂා කළ හැකි සැමියෙකැයි ගෙදර අයට කියූ බව. ඈ එතන ම සඳන් කරනවා පබාවතීගෙ පිළිරුව ඇඹුවා වගේ එය කළ නොහැකි බව දැනගෙන ගෙදරට කළ ඉල්ලීමක් කියලාත්. අවසානයේ ඇය කියන්නෙ තමාට දරාගත නොහැකි තරම් දිස්නය දෙන ඈත ආකාසයේ තරුවක් ගෙදර මිදුලේ පෑයුවා කියලා. නිර්මලා ප්‍රේම්ට ප්‍රෙම් වන්නට හැර ගී ගැයූ කිරිල්ලියක්.
ඇගේ තටු කැපෙන්නෙ ප්‍රේම් නිහඬ වූ දවසේ. දරුවන් එක්ක තනි වූ දවසේ.
අපි වගේ ම ඇයත් දන්නවා ඈ එනතුරු ප්‍රේම් මඟ බලාගෙන ඉන්නා වග. ඉතින් නිර්මලා මහත්මිය, ඔබට සුබ ගමන්!
ප්‍රේම්ට වගේ ම ඔබටත් අපි ආදරෙයි!!!
(නිර්මලා ද අල්විස් මගේ කුදු ලිපි නිතර කියවන, අදහස් දක්වන ආදරණීයයෙක් කාලෙක ඉඳන්. ඈ රෝහල්ගත ව ඉද්දිත් ඒ සමහර ලිපිවලට ප්‍රතිචාර දැක්වුවා. ඒ හැම වෙලාවකම මම ගෞරවයෙන් ඇගේ අදහස බාරගත්තා. දැන් හිතෙනවා ඔයාට අපි ආදරෙයි කියලාත් ඒ ගමන් ම කිව්වෙ නැත්තෙ ඇයි කියලා. කමක් නෑ.ඇය ඒ බව දන්නවා ඇති.)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart