
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙහෙයුම් ආරම්භ කර ඇත.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පදිංචි නිවස ඇතුළු ඔහු රැඳීසිටින ස්ථාන කීපයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂා කළ ද එම ස්ථාන අතහැර ඔහු පළාගොස් ඇති බව ද ආරංචි මාර්ග පවසයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස අල්ලස් කොමිසම රොහාන් ප්‍රේමරත්නට දැනුම්දී තිබුණ ද ඔහු එම කොමිසම මඟහැර සිට ඇත.
රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය.
මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන් හයදෙනකු ඇතුළු අටදෙනකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමේදී මෙම මූල්‍ය වංචාව සිදුවී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් විසින් මෙම නයිජීරියානු ජාතිකයන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2021 වර්ෂයේදී දෙහිවල ප්‍රදේශයේදීය.
මූල්‍ය වංචාවලින් මෙම සංවිධානාත්මක කල්ලිය උපයාගත් රුපියල් ලක්ෂ 75ක මුදල් ද කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණ.
එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කර තිබුණේ රොහාන් ප්‍රේමරත්න ය.
එසේ ලැබුණු රුපියල් ලක්ෂ 75 මුදල් අධිකරණයට භාරනොදී ආපසු සැකකරුවන් වෙත භාරදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.
එහිදී සිදුවූ මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් පසුව විමර්ශනයක් කළද, එම විමර්ශනයෙන් ද රොහාන් ප්‍රේමරත්නට චෝදනා එල්ල වී නොතිබුණු බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති.
මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බව ද අල්ලස් කොමිසම පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart