
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරම්මල ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළදරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තිබේ.
මෙම සිදුවීම ඊයේ (19) නාරම්මල පොලිස් වසමේ නාරම්මල-ගිරිඋල්ල මාර්ගයේ සිදුව ඇත.
මියගිය අය මාස 9 ක් සහ මාස 11 ක් වයසැති ළදරුවන් දෙදෙනකු සහ මෝටර් රථය පැදවූ මහව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.
අනතුරින් බස් රථ රියදුරු, කොන්දොස්තර සහ මගියකුද තුවාල ලබා දඹදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart