
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික කලාභවන සතුව තිබූ ඉතා විශාල ප්‍රමාණයේ ඉපැරණි චිත්‍ර 47ක් අතුරුදන්ව ඇති බවත්, ඒ අතරින් කිහිපයක් යහපාලන රජයේ හිටපු ඇමැතිවරයකුගේ සහෝදරියගේ සැමියා භාරයේ සහ තවත් චිත්‍ර කිහිපයක් කැසිනෝ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයකු සන්තකයේ තිබෙන බවත් හෙළි වේ.
පිළිසකර කිරීම වෙනුවෙන් කලාභවන වසා දමා තිබූ කාලයේ මේ චිත්‍ර ඵලක අතුරුදන් වී ඇති අතර, ඒ සඳහා එකල එහි සේවයේ යොදවා සිටි මුරකරුවන්ගේ සහාය ලැබී ඇති බවද අනාවරණය වී තිබේ.
අතුරුදන් වී ඇති වටිනා චිත්‍ර අතර ඒ.සී.ජී.එස්. අමරසේකර, ජේ.ඩී.ඒ. පෙරේරා ආදි ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රකට චිත්‍රද ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලාභවන භාර, සංස්කෘතික ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි ‘සිළුමිණට’ පවසා ඇත්තේ, වටිනා චිත්‍ර රැසක් ජාතික කලභවනෙන් අතුරුදන්ව ඇති බවයි.
ඒ පිළිබඳ අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, නඩත්තු කටයුතු හේතුවෙන් මේ දිනවල වසාදමා ඇති ජාතික කලාභවන කඩිනමින් විවෘත කිරීමෙන් පසු අතුරුදන්ව තිබෙන චිත්‍ර ඵලක ලබාගැනීමට කටයුතු කරන බවයි.
ඉකුත් යහපාලන රජයේ සංස්කෘතික කටයුතු ඇමැති ධුරය දැරූ සජිත් ප්‍රේමදාස විසින් ජාතික කලා භවනෙහි පිළිසකර කටයුතු ඇරඹූ අතර, එය මෙතෙක් නැවත විවෘත කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart