
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් අසලදී අද අලුයම සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියකු සහ ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ජූලි මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අද අලුයම 1.00 ට පමණ රාත්‍රී සමාජ ශාලාව අසලදී ව්‍යාපාරිකයා සහ සුරාබදු නිලධාරියා අතර බහින්බස්වීමක් ඇතිවී ඇති බවයි පොලිසිය පවසයි.
බහින්බස් වීම අතරතුර ව්‍යාපාරිකයා තම බලපත්‍ර සහිත රිවෝල්වරය එළියට ගෙන සුරාබදු නිලධාරියාට පෙන්වා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ගැටුම අතරතුර, සුරාබදු නිලධාරියා ව්‍යාපාරිකයාගෙන් ආයුධය පැහැරගෙන බිය ගැන්වීමක් ලෙස අසල තාප්පයකට වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පසුව එම ස්ථානයට පැමිණ දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට යොදාගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ සුරාබදු නිලධාරියා වික්‍රමසිංහපුර සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කරන අයෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart