
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අස්වැසුම’ ප්රතිලාභ පිළිබඳ නිල වගකීම දරන සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 අගෝස්තු 24 දින මේ පත්කිරීම සිදු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව මතය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම්ගේ PED/S/BDA/2022 දරන ලිපිය මඟින් මේ පත් කිරීම් කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ජයන්ත විජේරත්න එම ධුරය දැරීය.
2002 අංක 24 දරන සුභසාධක ප්රතිලාභ පනතේ 4 (2) වගන්තියට අනුව මේ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් විමසා මුදල් ඇමැතිවරයා විසින් සිදුකළ යුතුය.
එහිදී අනුගමනය කළ යුතු උපමාන සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව සහ ඇමැතිවරයා එකඟතාවකට එළඹිය යුතු බවද පනතේ දක්වා තිබේ.
අස්වැසුම දෙවැනි අදියර සඳහා දැනට ප්‍රතිලාභීන් 299,532ක් තෝරාගෙන ඇත.
මේ තෝරාගැනීම් සඳහා අභියාචනා සහ විරෝධතා දැක්වීමට හෙට (21) දක්වා කාලය දී තිබේ.
(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart