
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ හෝ අන්තර්ගතයන් පළකිරීම තහනම් කරමින් “සුදා” ලෙස හඳුන්වන යූ ටියුබ් නිර්මාණකරුවකු වන සුදත්ත තිලක්සිරිට සහ තවත් පුද්ගලයකුට කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ගොනුකළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එම නියෝගය ජූලි 30 දක්වා බල පැවැත්වෙනු ඇත.
සුදත්ත තිලක්සිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන පුද්ගලයන්ට එරෙහිව ප්‍රදීප් නිලංග දෑල ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ යූටියුබ් නාලිකාවල අපහාසාත්මක අන්තර්ගතයන් පළකිරීම තහනම් කරමින් අධිකරණය එම වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
පැමිණිලිකාර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් රසික දිසානායක, අසංක දයානාත් සහ චෙරාග් නිල්ගිරිය යන නීතීඥවරු පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart