
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෘථිවියෙන් වඳවූ බවට සැකකළ මෙරටට ආවේණික උඩවැඩියා විශේෂයක් වසර 160කට පසු නැවත සොයාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක, ශාක පර්යේෂක භාතිය ගොපල්ලව ඇතුළු පිරිසක් සමත්ව ඇත.
පෘථිවියෙන් වඳවූ බවට සැකකළ Orchidaceae පවුලට අයත් ආවේණික උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesii නම් ශාක විශේෂය නකල්ස් ප්‍රදේශයෙන් නැවත සොයාගැනීමට තම පර්යේෂණ කණ්ඩායමට හැකි වූ බව භාතිය ගොපල්ලව පවසායි.
මෙම ශාකය මෙලෙස වාර්තා වී ඇත්තේ 1861 වසරෙන් පසුව අවුරුදු 160කට අනතුරුවය.
මෙම ශාකය පිළිබඳව කිසිදු වාර්තාවක සඳහන් නොවුණු නිසාම 2020 රතු දත්ත වර්ගීකරණය සම්බන්ධ විශේෂඥ කමිටුවේදී වසර 150කට වඩා වැඩි කාලයක් වාර්තා නැති නිසා වඳ වී ගිය ශාකයක් යැයි වර්ගීකරණය කරන ලෙසද යෝජනා වී තිබේ.
එහෙත් එම ලැයිස්තුව සකස් කරන කාලය වන විට මේ පැළය බවට සැකකළ ශාක කිහිපයක් හමුවීම නිසා විශේෂඥ මණ්ඩලයට ඒ බව දැනුම්දීමෙන් වඳ වී ගොස් ඇති ශාකයක් ලෙස නොව වඳ වී ගොස් ඇති බවට සැකකෙරෙන ශාක කාණ්ඩයේම තවදුරටත් තබාගැනීමට කටයුතු කළ බව භාතිය ගොපල්ලව පවසයි.
ඒ අතරතුර එම ශාකයේ සජීවී නිදර්ශක පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ශාකාගාරයේ තබා රැකබලා පර්යේෂණ කටයුතු සිදුකළ බවද ඔහු සඳහන් කරයි.
මේ පර්යේෂණය සඳහා ඉන්ද්‍රඛීල මාදොල, ආචාර්ය හිමේෂ් ජයසිංහ, මහාචාර්ය දීප්ති යකන්දාවල, ආචාර්ය සුභානි රණසිංහ ඇතුළු පිරිසක් එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart