
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම් පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව රජය පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කියාසිටියේ මෙම නඩුව අවසන් වරට මාලක්කම් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන ඇත්තේ 2014 වසරේදී බවයි.
විමර්ශනවල කිසිදු යහපත් ප්‍රගතියක් වාර්තා වී නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා, අච්චුවේලි පොලිස් ස්ථානාධිපතිවරයා අවස්ථා 17කදී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පැවසුවේය.
2025 ජුනි 03 වැනි දින වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම නඩුවේ ප්‍රගතිය පිළිබඳව අච්චුවේලි පොලිසියේ සහ යාපනය කොට්ඨාශ අපරාධ බලධාරීන්ගෙන් විමසා තිබුණු බවත්, ඒ අනුව නඩුවට අදාළ සියලුම ලිපිගොනු 2025 ජුනි 11 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවා තිබූ බවත් අමාත්‍යවරයා පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් එහි වත්මන් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.
ආණ්ඩුක්‍රම, යුක්තිය සහ සිවිල් ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කළේය.
ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන්ගේ අතුරුදන්වීම් මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පශ්චාත් යුද සමයේ සිදුවූ අනෙකුත් අතුරුදන්වීම් පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද එහිදී මන්ත්‍රීවරයා විසින් විමසා තිබිණි.
2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද නම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart