
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර යුද හමුදා සෙබළා මහනුවර වැව රවුමේදී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් සොරාගෙන යතුරුපැදියකින් පළාගොස් තිබේ.
ආසන්න ප්‍රදේශයේ ස්ථාපිත සීසීටීවී කැමරාවල දර්ශන පරීක්ෂාවට ලක්කළ පොලීසිය සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද අනාවරණය වී ඇත.
සැකකරු වසර 20කට ආසන්න කාලයක් යුද හමුදාවේ සේවය කර, දැනට වැලිඔය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බව පොලිසිය සිදුකළ රහසිගත පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
සැකකරු මහනුවර නගරයට කැඳවා ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ නිවාඩු ඉල්ලුම් කර රන්මාල මංකොල්ලකෑමේ නිරත වන බවයි.
සැකකරු විසින් සොරකම් කරන ලද රන් මාලය සහ මීට පෙර සොරකම් කර තිබූ රුපියල් ලක්ෂ 5ක් වටිනා රන් මාලයක් මහනුවර සහ ගලහ ප්‍රදේශවල උකස් මධ්‍යස්ථාන දෙකක තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එම හමුදා නිලධාරියා සම්බන්ධ බව පැවසෙන තවත් රන් මාල මංකොල්ලයක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සැකකාර යුධ හමුදා සෙබළා කලක සිට රන් මාල කොල්ලකෑමේ නිරතව සිට ඇති අතර එම ස්වර්ණාභරණවලින් ලබාගත් මුදල් පිරමීඩ ක්‍රමයකට ආයෝජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart