
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතා ව්‍යාපෘතියේ තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ඉහළ පෙළේ කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයට අදාළ කමිටුවේ සාමාජිකයන් නම් කිරීමටත්, තාක්ෂණික සහාය ලබාදීම කඩිනම් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසටත්, ලංවිම සභාපති කාර්යාලයෙන් දැනටමත් උපදෙස් ලබාදී ඇත.
මෙම කණ්ඩායම විසින් යෝජිත විදුලිය ජාල සම්බන්ධතා සැකැස්මේ හැකියාව පරීක්‍ෂා කර වාර්තා කරනු ඇති අතර, කණ්ඩායම විසින් සිදු කරන ලද පරීක්‍ෂාවෙන් පසුව අවශ්‍ය පියවර ගනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයට ප්‍රථම මෙම කණ්ඩායම සිය වාර්තාව ලබන මාසයේදී භාරදීමට නියමිත බවද දැනගන්නට ඇත.
2030 වන විට ඉන්දු – ශ්‍රී ලංකා ජාල සම්බන්ධතාවය ක්‍රියාත්මක කරන බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා ලබාදුන් සහතිකය මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑමට රජය දැනටමත් තීරණය කර තිබේ.
කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති අතර, රජය 2030 වන විට ඉන්දු-ශ්‍රී ලංකා ජාල සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතාවයක් බවට පත් කර ඇතැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart