
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය බුලවායෝහිදී ආරම්භ විය.
තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
අයර්ලන්තයට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වේ.
මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව, ඕමානය සහ ස්කොට්ලන්තය කල් වේලා ඇතිවම සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇති.
ඒ නිසා සුපිරි 6 දෙනාගේ වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අයර්ලන්තය මේ තරගය අනිවර්යෙන්ම ජය ගත යුතුව තිබේ.
එමෙන්ම අද පැවැත්වෙන දෙවැනි තරගයේදී ස්කොට්ලන්තය විසින් ඕමානය පරාජය පත් කළහොත් ස්කොට්ලන්තය සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි.
ඒ අනුව අයර්ලන්තයට මූලික වටයේ අවසන් තරගයේදී එක්සත් ආරාබි එමීර් කණ්ඩායම පරාජය කරමින් සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇත.
A කාණ්ඩයෙන් මේ වන විටත් සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම ලබා අවසන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart