
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිතය.
එම සැසිය ලබන අඟහරුවාදා(27) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන සිය නිර්දේශය සිකුරාදා (ජූනි 30) ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ.
අඟහරුවාදා (27) පැවැත්වෙන මෙම මහජන අදහස් විමසීම් වටය අවසානයේ කොමිසමට අලුතින් පත් වූ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ තීරණය දැනුම් දෙනු ඇත.
ලබන ජූලි 01වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ගාස්තු සංශෝධන යෝජනා විදුලිබල මණ්ඩලය විසින් දැනටමත් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර, එහි අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart