
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධීව එක්ලස් කළා යැයි චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ අවස්ථා හයකදීම මඟහැර ඇතැයි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ ඊයේ (03) දැනුම් දුන්නේය.
කොල්ලුපිටියේ ඔහු පදිංචිව සිටින නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ගිය නමුත් නිවෙස ඉබි යතුරු දමා වසා තිබූ බවත් හෙතෙම කීවේය.
දිගින් දිගටම විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සුජීව සේනසිංහ සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගත හැකි බවද හෙතෙම කීවේය.
සුජිව සේනසිංහට එරෙහිව ඇති මෙම නඩුව ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී හෙතෙම මේ බව කියාසිටියේය.
එහිදී සුජිව සේනසිංහ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි කියාසිටියේ තම සේවාදායකයා මේ වන විට අසනීප තත්ත්වයකට විදේශගතව ප්‍රතිකාර ලබන බවයි.
එහෙයින් සති දෙකක කාලයකින් පසුව නඩුව කැඳවන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී රජයේ නීතීඥවරයා පැවසුවේ, තමන්ට නඩුකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවශ්‍ය බවය.
ඊට විරෝධය පළකළ ජනාධීපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි කියාසිටියේ සේවාදායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්තිසහගත නොවන බවය.
තමන්ට උපදෙස් ලබාගැනිමට නොහැකි බැවින් සහ මේ වන විටත් නඩු පවරා ඇති බැවින් කළ යුතු වන්නේ චෝදනා පත්‍රය බාරදී වරදකරුද නිවැරදිකරුද යන්න විමසා සිටීම පමණක් බව ජනාධිපති නිතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වාදුන්නේය.
එම විරෝධතාවය නොසළකා රජයේ නීතිඥවරයාට කරුණූ දැක්වීමට අවසර ලබාදුන් මහේස්ත්‍රාත්වරිය, සැකකාර සුජීව සේනසිංහ යන අය ලබන 16 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එදිනට වෛද්‍ය සහතික ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.
නඩුව ලබන 16 තෙක් කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart