
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත දේපළ හා උරුම බදු හඳුන්වාදීමට සූදානම් වෙමින් දිවයිනේ සියලුම ඉඩම් පිළිබඳ ලේඛනයක් සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.සී.සේනානායක සඳහන් කරන ආකාරයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම යටතේ යෝජිත දේපළ සහ උරුම බදු හඳුන්වාදීම සඳහා සිදුකෙරෙන සූදානම් කිරීමේ කටයුතුවල කොටසක් ලෙස දිවයිනේ සියලුම ඉඩම් පිළිබඳ ලේඛනයක් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය තුළ මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.
“දැනට ශ්‍රී ලංකාව සතුව ඉඩම් ලේඛනයක් නැහැ. මෙම යෝජිත දේපළ බදු හඳුන්වාදීම සඳහා, හඳුනාගත් පදනමක් තිබිය යුතුයි. ඒ නිසා එවැනි ලේඛනයක් ස්ථාපිත කිරීමට අපට සිදුවෙනවා. අපි මේ බද්ද 2025 දී හඳුන්වා දෙන්නේ අපට සූදානම් වීමට කාලය අවශ්‍ය නිසයි.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
රජය IMF සමඟ එකඟ වී ඇති ආදායම් උත්පාදන සැලැස්මේ කොටසක් ලෙස 2025 දී ශ්‍රී ලංකාව දේපළ සහ උරුම බදු හඳුන්වාදෙන බව මාර්තු මාසයේදී නිවේදනය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart