July 2, 2025

මේ වන­විට සෙනෙට් සභාවේ ඡන්ද විම­සී­මට ඉදි­රි­පත් කර ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අය­වැය කෙටු­ම්පත විවේ­ච­නය කර­මින් රජ­යෙන් ඉවත්වූ බිලි­ය­න­පති එලෝන් මස්ක් නව දේශ­පා­ලන පක්ෂ­යක් ආරම්භ කිරී­මට සැල­සුම් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

සියලු විදේ­ශා­ධාර සහ මහ­ප­රි­මා­ණයේ රාජ්‍ය සේවක කප්පා­දුව ඇතු­ළත් අමෙ­රි­කාවේ දැඩි ආන්දෝ­ල­න­ය­කට ලක්වූ පිටු 940කින් සම­න්විත එම අය­වැය කෙටු­ම්ප­තට එරෙ­හිව තමා සමඟ පෙළගැසෙන ලෙස ඔහු ප්‍රති­වාදී ඩිමො­ක්‍ර­ටික් පක්ෂයේ සහ ට්‍රම්ප්ගේ රෙප­බ්ලි­කන් පක්ෂයේ ප්‍රබ­ල­යන් රැසක් සමඟ සාකච්ඡා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

එය ඉතා පිළි­කුල් සහ­ගත කෙටු­ම්ප­තක් ලෙස ප්‍රකාශ කර ඇති එලෝන් මස්ක්, එය සම්මත වීමෙන් අමෙ­රි­කාවේ අනා­ග­තය අඳු­රට තල්ලු වනු ඇතැයි ද අන­තුරු අඟවා තිබේ.

අමෙ­රි­කානු ජන­තාව පිළි­බඳ අවං­කව සැල­කි­ලි­මත් වන නව දේශ­පා­ලන පක්ෂ­යක් ආරම්භ කිරී­මට කාලය පැමිණ ඇතැයි ද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක කට­යු­තු­ව­ලදී කැපී පෙනෙන දාය­ක­ත්ව­යක් ලබාදුන් ඉලෝන් එස්ක් ට්‍රම්ප් පරි­පා­ල­නය යටතේ පළ­මු­ව­රට ආරම්භ කළ රජයේ කාර්ය­ක්ෂ­මතා දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කළ අතර, අය­වැය කෙටු­ම්ප­තට විරෝ­ධය දක්ව­මින් රජ­යෙන් ඉව­ත් විය.