
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නම් කර තිබේ
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350ක පමණ පිරිසක් නම් කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, සහ රොෂාන් රණසිංහ ද ඒ අතර සිටියි.
මීට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් ද නම් කර ඇත.
තවද මෙම නඩුවට අදාළව පැමිණිලි පාර්ශවය විසින් නඩු ලේඛන 300කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද අධිචෝදනා ගොනු කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් පවතින සැලකිය යුතු මහජන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම නඩුව විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා මීට පෙර අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
ඒ අනුව අගවිනිසුරුවරයා මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවිර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේය.
මෙම අධිචෝදනා පත්‍ර අද නීතිපතිවරයා විසින් විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart