
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බොහෝ දුරට නැවත අගමැති ධූරයට ඉදිරිපත් නොවනු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ පවසයි.
හිටපු ජනාධිපතිවරයා රට වෙනුවෙන් ඕනෑවටත් වඩා වැඩ කර ඇති බවත්, ඔහු තරම් කිසිදු කෙනෙක් මේ රට වෙනුවෙන් කටයුතු කර නොමැති බවත්, රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට විශ්‍රාම ගෙන විවේකයෙන් කාලය ගත කිරීමට දැන් කාලය එළඹ ඇතැයි තමන් විශ්වාස කරන බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
ජාතියට යහපතක් වන්නේ නම් පමණක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබට නොවන බව ද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර මතභේදයක් පවතින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
”අරගලකරලා මේ රටේ මැතිවරණ තියන්න බෑ. මැතිවරණය ජනතාවට අවශ්‍ය වෙලාවට අපි ලබා දෙනවා. අපේ රටේ තියෙන දේශපාලන වාතාවරණය කිසිම බලකිරීමකින් අහිමි කරන්න බෑ. ජනතාව එපා කියනවා නම් මම කිසිම ප්‍රශ්නයක් නැතුව අයින් වෙනවා. හැබැයි අරගලකරුවන්ට නම් අපි නැවෙන්නේ නෑ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart