
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිරු මාධ්‍ය ජලයේ හිමිකරු රේනෝ ද සිල්වා විසින් කොටස් වෙළඳපොලේ පෙරමුණේ රැඳී සිටින එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 06ක් රුපියල් මිලියන 800ක මුදලකට මිලදීගෙන ඇත.
එක්ස්පෝලංකා කොටස් මිලියන 6.3 ක් රුපියල් මිලියන 848.4 කට එහිදී ගනුදෙනු වී ඇති අතර, එය ඊයේ(22) කොළඹ කොටස් හුවමාරුවෙන් සියයට 44 ක් වේ.
එයින් කොටස් මිලියන 06ක්, කොටසක් රුපියල් 132.75 බැගින් රේනෝ ද සිල්වා මිලදී ගෙන ඇත.
විශ්ලේෂකයින් පවසන්නේ රේනෝ ද සිල්වා සතුව මීට පෙර එක්ස්පෝ කොටස් මිලියන 04 ක් තිබූ අතර ඊයේ මිලදී ගැනීමත් සමඟ ඔහු සතු කොටස් ප්‍රමාණය මිලියන 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
සම්පත් බැංකුවේ තුන්වන විශාලතම පෞද්ගලික කොටස්හිමියා ලෙස ඔහු විසින් රුපියල් බිලියන 2කට සියයට 3ක කොටස් ලබා ගනිමින් ඔහුගේ කොටස් සියයට 9.4 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබේ.
රේනෝ ද සිල්වා පසුගිය සතියේ සම්පත් බැංකුවේ 3% ක කොටස් රුපියල් බිලියන 02 ක් මිලදී ගත්තේ ඔහු සතු බැංකුවේ කොටස් ප්‍රමාණය 9.4% දක්වා වැඩි කරගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart