
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය උග්‍ර වූ අවස්ථාවේ මුස්ලිම් කොවිඩ් රෝගියෙක්ගේ මරණයක් සිදු වූ සෑම අවස්ථාවක්ම තමන්ට නිදි නැති රාත්‍රියක් වූ බව විදේශ ඇමැති අලි සබ්‍රි සඳහන් කරයි.
කොවිඩ්-19 වෛරසයෙන් මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී බටහිර ආසියාතික රටවල සබඳතා ශ්‍රී ලංකාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ බවද ඇමැතිවරයා පවසයි.
එකල සේවය සිටි මුස්ලිම් ඇමැතිවරයෙක් ලෙස තමාගේ ජීවිතයේ නරකම දේ තමාට දැනුණු බව ද ඔහු සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව භූමදානය සිදුකිරීමට ඉඩ දිය යුතු බවට ඇමැති මණ්ඩලය ද අදහස් කළ නමුත්, විශේෂඥයන් යැයි කියාගන්නා කණ්ඩායම් එම තීරණය ගැනීමට ඉඩනොදුන් බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart