June 23, 2025

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලයක් හිමිව තිබූ හම්බන්තොට මහනගර සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය සමත් වූ අතර අද (23) නගරාධිපති ධුරය හිමිකර ගත්තේය.

හම්බන්තොට මහනගර සභාවේ මංගල සැසිවාරය අද (23) පැවැත්විණි.

සැසිවාරය අතරතුර, හම්බන්තොට මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස සජබ අපේක්ෂක ඩී.ඒ. ගාමිණී බහුතර ඡන්දයකින් තේරී පත්විය.