
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ වගා කරන ඇඹුල් කෙසෙල් සතියකට වරක් ඩුබායි රටට අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී ඇතැයි, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන පවසයි.
එමෙන්ම ඉදිරි වසර තුන තුළ මෙම අපනයන ක්‍රියාවලිය තවත් පුළුල් කරමින් එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩිකර ගැනීමට ඉලක්ක කර ඇති බවද ඔහු සඳහන් කරයි.
ඊට සමගාමීව උතුරු පළාතේ ඉඩම් අක්කර 8000ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා දී, නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම එම පළාතේ වගා කෙරෙන අඹ, පැපොල් සහ පැෂන්ෆෘට් ද විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, අක්කර 1000ක මිරිස් වගා කර පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගනිමින් ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
උතුරු පළාත් නිලධාරීන් සමඟ කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳව පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart