
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව ඊයේ රැස්විය.
එහිදී සාක්ෂිකරුවන් නවදෙනකුගේ ප්රකාශ සටහන් කරගෙන තිබිණි.
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝග නිකුත් කර තිබියදී සැඟව සිටි අවස්ථා පිළිබඳව පරීක්ෂණ කමිටුවේදී විමසා තිබේ.
ඔහු සැඟව සිටි කාලයේදී ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා ලබා දී තිබූ ප්රකාශයකට අනුව, තොරතුරු ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ නමැති නිලධාරියා ඊයේ පරීක්ෂණ කමිටුව හමුවට කැඳවා තිබිණි.
පරීක්ෂණ කමිටුව මහින්ද රාජපක්ෂ නිලධාරියාගෙන් විමසා තිබුණේ, දේශබන්දු තෙන්නකෝන්ගේ පෞද්ගලික ආරක්ෂකයා ලබා දී තිබූ තොරතුරුවලට අනුව කොස්වත්ත ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී දේශබන්දු තෙන්නකෝන් සිය නිල රථයෙන් පැමිණ වෙනත් වාහනයකට මාරු වී යෑම සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම් අසල තිබූ CCTV පරීක්ෂා කිරීම සිදුකර තිබුණේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මහින්ද රාජපක්ෂ නිලධාරියා විසිනි.
ඔහු පරීක්ෂණ කමිටුව හමුවට CCTV දත්ත ඇතුළත් CD තැටියක් ලබාදෙමින් ප්රකාශ කර තිබෙන්නේ, දේශබන්දු තෙන්නකෝන් පැමිණි රථය පිළිබඳවත් ඔහු ගිය රථය පිළිබඳවත් පැහැදිලි හඳුනාගැනීමක් තමන්ට නොතිබුණත් හිටපු පොලිස්පති දේශපන්දු තෙන්නකෝන්ගේ හැඩරුව අනුව ඔහු යැයි හඳුනාගත් බවයි.
පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේ සභාපති ප්රීති පත්ම සුරසේනගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු අංක 7 දී පැවැත්වෙන මෙම පරීක්ෂණ කමිටුව ලබන 23 වැනිදා යළි රැස්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart