June 8, 2025

එක්සත් ජාතික පක්ෂය යනු සියලු ජාතීන් එක්සත් කළ පක්ෂයක් බව එහි හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි..

මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේදී භූතයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් දෙදෙනෙකු එක්ව එම පක්ෂය විනාශ කරමින් පක්ෂය තුළ බෙදීම් ඇති කර ඇති බවයි.

එමෙන්ම ඔවුන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ චරිත ඝාතනය කරන බවත්, තමන් ද එවැනි සිදුවීම් සඳහා මුහුණ දී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ සැබෑ පාක්ෂිකයින් එවැනි ක්‍රියා නොඉවසන බවයි.

පළාත් පාලන ඡන්දයේදී අත්විඳීමට සිදුවූයේ එවැනි ක්‍රියාවල ප්‍රතිපල බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.