June 18, 2025

කිසිදු දේශපාලන පක්ෂ­ය­කට හෝ ස්වාධීන කණ්ඩා­ය­ම­කට බහු­ත­ර­යක් හිමි නොවූ පළාත් පාලන ආය­තන අත­රින් බලය පිහිටු වූ පළාත් පාලන ආය­තන 30කින් 23කම බලය ජාතික ජන බල­වේ­ගය මේ වන විටත් හිමිකර­ගෙන තිබේ.

එම පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ පක්ෂ රැසක් මඟින් ඒකා­බද්ධ විප­ක්ෂ­යක් නිර්මා­ණය කර­ගෙන ජාතික ජන බල­වේ­ග­යට එරෙ­හිව රහ­සි­ගත එක­ඟ­තා­ව­ලට පැමිණ සිටි අව­ස්ථා­වක ජාතික ජන බල­වේ­ගය මෙම ජය­ග්‍ර­හ­ණය හිමි කරගැනීම විශේ­ෂි­තය.

පසු­ගිය 12 වැනිදා සිට ඊයේ (17) දක්වා කාල­යේදී මේ ආය­ත­න­ව­ලට නග­රා­ධි­ප­ති­වරු සහ සභා­ප­ති­වරු තෝරාගැනීම පළාත් පාලන කොම­සා­රි­ස්ව­රුන්ගේ මැදි­හ­ත්වී­මෙන් සිදුවිය.

බණ්ඩා­ර­වෙල නගර සභාව සහ ඌව පර­ණ­ගම ප්‍රාදේ­ශීය සභාවේ බලය ජාතික ජන බල­වේ­ගය පිහි­ටු­ව­මින් බහු­ත­ර­යක් නොමැති පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම ආරම්භ විය.

සමගි ජන බල­වේ­ගය, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, එක්සත් ජාතික පක්ෂ, පොදු­ජන එක්සත් පෙර­මුණ ඇතුළු පක්ෂ ඒකා­බ­ද්ධව එම පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වී­මට උත්සාහ ගනු ලැබීය.

කෙසේවෙතත් දඹුල්ල ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­ති­ව­රයා ලෙස ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ සභි­ක­යාව පත්කර ගැනී­මට සමගි ජන බල­වේ­ගයේ සභි­ක­යන්ට පක්ෂය උප­දෙස් දී තිබුණ ද, සමගි ජන බල­වේ­ගය මඟින් ද සභි­ක­යකු ඉදි­රි­පත් කිරීම හේතු­වෙන් එහි ජය­ග්‍ර­හ­ණය ද ජාතික ජන බල­වේ­ග­යට හිමිවිය.

මේ නිසා සමගි ජන බල­වේ­ග­යෙන් පත් වූ සභි­ක­යන්ට පක්ෂ සාමා­ජි­ක­ත්වය ද අහිමි කර තිබේ.

මේ වන විට ජාතික ජන බල­වේ­ගය විසින් බලය හිමිකර ගත් පළාත් පාලන ආය­තන අතර කොළඹ මහනගර සභාව, කුරු­ණෑ­ගල මහනගර සභාව, හපු­තලේ ප්‍රාදේ­ශීය සභාව, කෑගල්ල ප්‍රාදේ­ශීය සභාව, දෙහි­ඕ­විට ප්‍රාදේ­ශීය සභාව, ඇඹි­ලි­පි­ටිය නගර සභාව, ඇඹි­ලි­පි­ටිය ප්‍රාදේ­ශීය සභාව, බළ­න්ගොඩ ප්‍රාදේ­ශීය සභාව, කල­වාන ප්‍රාදේ­ශීය සභාව, මැදදුම්බර ප්‍රාදේ­ශීය සභාව, රත්න­පුර මහනගර සභාව, දඹුල්ල ප්‍රාදේ­ශීය සභාව, කල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව, පුත්ත­ලම මහ­න­ගර සභාව, මැද­ව­ච්චිය ප්‍රාදේ­ශීය සභාව, මීග­හ­කි­වුල ප්‍රාදේ­ශීය සභාව, වැලි­කන්ද ප්‍රාදේ­ශීය සභාව, ගලේ­වෙල ප්‍රාදේ­ශීය සභාව යන පළාත් පාලන ආය­තන ඇතු­ළත්ය.(දිනමිණ)