
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගවයකුගේ ගෙළ බැඳි ලණුවක පැටළීමෙන් පසුව මීටර 800ක් පමණ දුර ඇදීගොස් තුවාල ලැබූ 09 හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුවීමෙන් පසුව රෝහල්ගත කළ දරුවා සැත්කමකට යොමුකිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයේ පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉමාෂ් දෙවිඳු නැමැති පිරිමි දරුවෙකි.
මේ දරුවා පෙරේදා (13) සවස ඔහුගේ තවත් යහළුවන් කිහිපදෙනකු සමඟ අසල්වැසි නිවසක ඇති කරන ගවයකු සමග සෙල්ලම් කරමින් සිට ඇත.
එහි දී ගවයා නොසන්සුන් තත්ත්වයකට පත්ව මාර්ගයේ දිවගොස් ඇති අතර, එහිදී ගවයාගේ ගෙළ බැඳි ලණුව, මෙම දරුවාගේ ශරීරයේ පැටළී තිබෙන බවට පැවසෙයි.
එම අවස්ථාවේ මීටර් 800ක් පමණ දුර එම දරුවා ඇදීගොස් තිබෙන බවත්, එහි දී බරපතල තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමට පියවර ගෙන ඇත.
දරුවාගේ තත්ත්වය බරපතල බැවින් එම වෛද්‍යවරුන් දරුවාව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර, වෛද්‍යවරුන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ දරුවාගේ මොළයට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.
දැඩිසත්කාර ඒකකයේ සිටි දරුවා සැත්කමකට භාජනය කර තිබෙන අතර, ඊයේ (15) පස්වරු 3ට පමණ දරුවා ජීවිතක්ෂයට පත් වූ බව වෛද්‍යවරු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart