
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin) ඇතුළු එම ප්‍රාන්තයේ ඉහළ මට්ටමේ දේශපාලන නායකයන් පිරිසක් සමග පසුගිය 12 වන දින සාකච්ඡාවක නිරතවී ඇත.
එම හමුවේදී ක්ෂියු ලින් (Xu Lin) විසින් ඉතා උණුසුම් ලෙස ටිල්වින් සිල්වා ඇතුළු පිරිස පිළිගෙන තිබේ.
මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ, ගුයිජෝ ප්‍රාන්තයේ පිහිටි අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවෙිදීය.
මෙම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගය ලද ජයග්‍රහණය වෙනුවෙන් සුභ පැතුම් එක්ක කර ඇති චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin), මෙම හමුව තුළින් ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් වන බව සඳහන් කර ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අද වනවිට චීනය ලොව දැවැන්තම ආර්ථිකයක් හිමි රටක් බවට ඔසවා තබා ඇති බවත්, එය චීන ජනතාව ලද ජයග්‍රහණයක් බවත්, ඒ් වෙනුවෙන් ජනපති ෂී ජින් පින් ඇතුළු නායකයන් විශාල කාර්යභාර්යයක් ඉටු කොට ඇති බවත් මෙහෙදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කර තිබේ.
මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් එක්වී සිටි අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ කාරක සභික ගූ ක්ෂිවෙන් (Guo Xiwen), ගුයිජෝ ප්‍රාන්තයේ උප නගරාධිපති සන්ග් ජින්පින් (Zhang Jingping), චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ, උප ඇමති සන් හයියන් (Sun Haiyan) චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂක ජනරාල් ලින් තාඹ් (Lin Tao) සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ උප අංශ ප්‍රධානී වෙන් ජන් (Wen Jun) ඇතුළු පිරිසක් එක්ව ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart